මොකක්ද මේ ඇන්ඩ්රොයිඩ් O සන්ස්කරණය?
ඇන්ඩ්රොයිඩ් O කියන්නේ Google සමාගම විසින් ලඟදීම රිලීස් කිරීමට නියමිත ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතියයි. මෙය ඇන්ඩ්රොයිඩ් 7.0 හෙවත් නූගට් සංස්කරණයට පසුව එන දැවැන්ත ම සංස්කරණයයි. මෙයට තවම නමක් යොදා නොතිබුනත් ගොඩක් අය පවසන ආකාරයට මෙය ඇන්ඩ්රොයිඩ් ඔරියෝ ලෙස නම් කිරීමේ සම්භාවිතාවය වැඩිය.
මෙම සංස්කරණයේ beta version හෙවත් developer preview වල අවසාන සංස්කරණය දැනටමත් නිෂ්චිත දුරකථන සඳහා ලබා දී ඇත. එයින් තහවුරු වන්නේ තව නොබෝ දිනකින් ඇන්ඩ්රෝඩ් O සංස්කරණය අපට දැකගත හැකි බවයි. කෙසේ වෙතත් එය මුලින්ම මුදා හැරෙනුයේ Google සමාගම විසින් නිකුත් කරන ලද Google Pixel දුරකථන මාදිල්යටයි.
ඇන්ඩ්රොයිඩ් O සංස්කරණයේ නව ලක්ෂණ හා හැඩහුරුකම් :
- නෝටිෆිකේශන් ඩොට්ස්
හෝම් ස්ක්රීනයේ ඇති ඇප් අයිකන්ස් හි උඩ නෝටිෆිකේශන්ස් පෙන්වීම සඳහා වෙන් වූ තිත්ක් ලෙස මෙය හැඳින් විය හැක.
එය මත සුළු වේලාවක් ඔබාගෙන සිටින විට ඔබට පැමිණි පණිවිඩ කුඩා කොටුවක් මත දිස් කරනු ලබයි.
- පික්චර් ඉන් පික්චර් පහසුකම
වීඩියෝවක් නරඹන ගමන්ම එය කුඩා කොට වීඩියෝව නරඹමින් තවත් වැඩක් කිරීමේ multitasking පහසුකම ලබා දී ඇත. Youtube වීඩීයෝවක් පවා මෙසේ කුඩා කොට නැරඹීමේ හැකියාව පවතී. මෙය සමහර දුරකථන වල කලින් පැවතිය ද මොඩිෆයීඩ් නොකොට ස්ටොක් ඇන්ඩ්රොයිඩ් සංස්කරණයකින් ලබා දෙන්නේ මුල් වරටයි.
- නෝටිෆිකේශන්ස් ස්නූස් කිරීමේ හැකියාව
ඔබට යම්කිසි නෝටිෆිකේශනයක් එන විට ඔබ වෙන වැඩක යෙදී සිටී නම් එය බැලීමට නොහැකි වීම මගින් ඔබට එය අමතක වනු ඇත. මෙය අවම කර ගැනීම සඳහා මෙම නව පහසුකම ලබා දේ. Status bar හි නෝටිෆිකේශන් දකුණට තල්ලු කොට ඔරලෝසු අයිකනය මත ටැප් කිරීමෙන් නිශ්චිත කාලයක් අවසන් වූ පසු එම නෝටිෆිකේශනය නැවත පැමිණේ.
- නව Emojis
මෙවා ඇන්ඩ්රොයිඩ් O සංස්කරණයේ එන නව පහසුකම් කිහිපයක් පමණි.
තවත් post එකකින් යලි හමුවෙමු.
Comments
Post a Comment